මැතිව්ස් අබුඩාබි T-10 තරඟයේ වැඩ පෙන්නයි

අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී Samp Army කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට Northern Warriors කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.

එහි දී ලකුණු 104ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි amp Army ඉනිමේ අවසන් පන්දුවාරයේදී මැතිව්ස් මෙම කඩුලු ත්‍රිත්වය දවාගත්තේය.

ඒ වනවිට පිටියේ ස්ථාවරව රැඳී සිටි amp Army කණ්ඩායමේ නායක සුපිරි පිතිකරු Moeen Ali මැතිව්ස් ගේ පළමු කඩුල්ල විය.

ඒ වනවිට තරගයේ වැඩි වාසිය amp Army කණ්ඩායම වෙතට හැරී තිබුණේ Moeen Ali කඩුල්ලේ රැඳී සිටීම හේතුවෙනි.

කෙසේ වෙතත් තරගයේ අවසන් පන්දුවාරයේ පළමු පන්දුවෙන් Moeen Aliගේ කඩුල්ලෙන් දඩයම ඇරඹූ මැතිව්ස් පිළිවෙලින් Basil Hameed සහ Qais Ahmad කිසිදු අපහසුතාවයකින් තොරවම යලිත් නරඹන්නන් බවට පත් කළා.

ඒ අනුව එම තරගයෙන් ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දැරූ Northern Warriors කණ්ඩායම ලකුණු 9ක ජයක් හිමිකර ගැනීමට සමත් වුණා.