ඇමරිකානු හමුදා ගුවන් යානයක් කඩා වැටෙයි

පුද්ගලයින් 6 දෙනෙකු රැගත් ඇමරිකානු හමුදා ගුවන් යානයක් නිරිතදිග ජපානයේ යකුෂිමා දූපතට ආසන්නයේ දී කඩා වැටී තිබෙනවා.

ජපාන වෙරළාරක්ෂක නිලධාරින් සදහන් කළේ දූපත ආසන්න මුහුදේ තිබි කඩා වැටුණු යානයේ බවට සැකකෙරෙන සුන්බුන් කොටස් සහ මියගිය අයෙකුගේ මළසිරුරක් හමු වූ බවයි.

CV-22 Osprey හයිබ්‍රිඩ් ගුවන් යානයක් වන එය ජපානයේ යකුෂිමාහි ගුවන්තොටුපළට ගොඩබෑමට උත්සාහ කරමින් සිටියදී එක් එන්ජිමක් ගිනිගෙන තිබීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.