කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගනු ලැබූ ෆයිසර් එන්නත් මාත්රා 7,951,710ක් කල්ඉකුත් වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
අදාළ එන්නත් තොගය රුපියල් මිලියන 10,736ක වටිනාකමකින් යුතු වන අතර ඒවා 2022 වර්ෂයේ ජූලි 31 වන දින විට කල් ඉකුත් වී ඇති බවයි සඳහන් වෙන්නේ.
2022 වර්ෂයට අදාළව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කරන වාර්ෂික වාර්තාවක් මඟින් මෙය හෙළි වී තිබෙනවා.

