කාන්තා හිංසනය නතර කරන ලෙස ඉල්ලමින් ඉතාලියේ සංවිධානය කර තිබූ විරෝධතාවයකට මිනිසුන් දහස් ගණනක් සහභාගී වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ මස මුල දී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක, ඇගේ හිටපු පෙම්වතා විසින් ඝාතනය කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමිනුයි මෙම විරෝධතා ආරම්භ කර තිබෙන්නේ.
විරෝධතාකරුවන් මිලානෝ, සහ නේපල්ස් නගරවලට මෙන්ම අගනුවර වන රෝමයට ද රැස් ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන්නේ 2023 වසරේ මේ වන විට ඉතාලිය තුළ කාන්තාවන් 106 දෙනෙකු ඝාතනය කර ඇති අතර ඉන් 55 දෙනෙකු ඔවුන්ගේ සහකරුවෙකු හෝ හිටපු සහකරුවෙකු විසින් ඝාතනයට ලක් වී ඇති බවයි.



