නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රය ලබන 29වන දා සිට ජාතික පද්ධතියට

නඩත්තු කටයුත්තක් හේතුවෙන් දැනට අක්‍රිය කර ඇති නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය ලබන 29වැනිදා සිට ජාතික පද්ධතියට එක්කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එමෙන්ම පසුගියදා බිඳ වැටීමට ලක්වූ එහි දෙවන ජනන යන්ත්‍රයේ කටයුතු ආරම්භ කිරීමට තවත් දින 14 කට වැඩි කාලයක් ගතවනු ඇති බවයි සඳහන් වෙන්නේ.