එළඹෙන උත්සව සමයේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යාව්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ 400කට ආසන්න ප්‍රමාණයක මිල අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා.
ඊයේ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ දී එහි අමාත්‍ය නලීන් ප්‍රනාන්දු විසින් මේ බව සඳහන් කර තිබෙනවා.
එසේම අවශ්‍ය සහල් සැපයීම සඳහා සහල් තොගයක් ද ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා මෙහි දී අනාවරණය කර ඇත්තේ.
මහ පරිමාණ මෝල් හිමියන් විසින් වෙළෙඳපොළට කීරි සම්බා සහල් නිකුත් නොකර සඟවා තබාගැනීම හේතුවෙන් මේ වන විට කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් වෙළඳපොල තුළ නිර්මාණය වී තිබෙනවා.
මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් වර්ගයක් මෙලෙස ආනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

