පිංබර ඉල් පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.
වස්සාන සෘතුවේ අවසන් පොහොය වන මෙම පොහොය ශාසන ඉතිහාසයේ වැදගත් සිදු වීම් රැසක් සිදු වුණු පොහෝ දිනයක් ලෙස සැලකිය හැකි වනවා.
මතු බුදු වීමට පෙරුම් පුරන මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ අතින් නියත විවරණ ලැබුවේ අද වන් වූ ඉල් පොහෝ දිනයක වනවා.
එදින බෝධිසත්ත්වයන් වහන්සේ විසින් දෙවරෝහණ පූජාවට සහභාගී වූ බුදුරජාණන් වහන්සේ වෙත සළුවක් ගෙන බුදුරජාණන් වහන්සේ වාසය කළ ගන්ධ කුටියෙහි වියනක් සේ බැඳ පූජා කිරීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ වෙතින් නියත විවරණ ලද බවයි බෞද්ධ ග්රන්ථ වල දක්වෙන්න්නේ.
තවද ගෞතම බෝධිසත්ත්වයන් වහන්සේ විසින් බුදු විමෙන් අනතුරුව සහම්පතී බ්‍රහ්මයාගේ ආරාධනයෙන් ලෝකයට ධර්මය දේශනා කරමින් යන ගමනේ දී ඇති වූ පළමු රහත් හිමිවරුන් හැටනම ධර්ම ප්‍රචාරය සඳහා ගමන් ආරම්භ කළේ ද ඉල් පොහොය දිනක වනවා.
බුදුරජානන් වහන්සේ විසින් යමක මහා පෙළහර පාමින් තුන්බෑ ජටිලයන් දමනය කරන ලද්දේ ඉල් පොහෝ දිනයක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
ඉල් පොහෝ දින සිදු වූ තවත් සිදුවීමක් ලෙස බුදුරජාණන් වහන්සේ ගේ දකුණු අගසව් වූ සැරියුත් මහා රහතන් වහන්සේ ගේ පරිනිර්වාණය සිදු වීම සැලකිය හැකි වනවා.
කඨන පින්කම් සිදු කළ හැකි අවසාන පෝය ලෙසට ද ඉල පෝය හඳුන්වන්න පුළුවන්.
ඉතින් මෙවැනි වැදගත්කම් රාශියක් උසුලන ඉල් පොහෝ දිනයේ බෞද්ධයන් සීල ව්‍යාපාර වලට එක්වෙමින් පන්සල් යමින් ආගමානුකුල ජිවිතයක් ගත කරන්න යොමු වෙනවා.
සියලු සත්ත්වයෝ සුවපත් වන පිංබර ඉල් පොහෝ දිනයක් වේවා!
තෙරුවන් සරණයි

