වැල්ලම්පිටිය සිංහපුර ප්‍රදේශයේ දී පොලීසිය හා යුද හමුදාව එක් ව සිදු කළ මෙහෙයුමකින් සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සිටීම, අපරාධ වැඩි වීම සහ මත්ද්‍රව්‍ය යන කාරණා හේතුවෙන් පොලිස් නිලධාරින් 138 දෙනෙකු සහ යුද හමුදා නිලධාරින් 200 දෙනෙකු ගේ සහභාගිත්වයෙන් මෙම මෙහෙයුම සිදු කරනු ලැබුවා.
බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාස අධ්යක්ෂ, පොලිස් අධිකාරී ලලිස් අබේසේකර යන නිලධාරීන් ගේ උපදෙස් මත මෙය සිදු කර ඇති බව සඳහන්.
මෙහි දී ගෙවල් 61ක් සහ පුද්ගලයන් 196ක් පරීක්ෂා කර ඇති අතර එම පුද්ගලයන් සතුව තිබී හෙරොයින්, අයිස්, නීති විරෝධී මත්ද්‍රව්‍ය, කඩු, මන්න, තහනම් පිහි සහ ජංගම දුරකථන 12ක් සොයාගෙන තිබෙනවා.

