කෘෂි අපනයන ආර්ථිකය ශක්මත් කරමින් රටේ ආරථිකය නඟා සිටුවිය යුතුයි – ජනපති

රටේ ආර්ථිකය නැවත නඟාසිටුවීමේ වැඩපිළිවෙළේ දී කෘෂි අපනයන ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව සුළු අපනයන බෝග වගාව ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් මහනුවර, මාතලේ සහ කුරුණැගල දිස්ත්‍රික්කවල කොකෝවා වගාව ප්‍රචලිත කිරීමට සහ ඉදිරියේදී කෝපි සහ කුරුදු වගාව නැවත ස්ථාපිත කිරීමට ද කටයුතු කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

මේ අතර බලපත්‍රලාභී ඉඩම් හිමියන්ට සින්නක්කර ඔප්පු ලබාදීමේ අයවැය යෝජනාව යථාර්තයක් කරමින් ලබන පෙබරවාරි 04 වනදාට යෙදෙන නිදහස් දිනයට සමගාමීව එම වැඩපිළිවෙළ දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් හෙතෙම මෙහි දී සඳහන් කර තිබෙනවා.