මෙවර මහ කන්නයේ දී බණ්ඩි පොහොර හෙවත් MOP රුපියල් 9,000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
අද පෙරවරුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී පැවැති වගා හානි වන්දි පිරිනැමිමේ අවස්ථාවට සහභාගි වෙමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව බණ්ඩි පොහොර මිටියක මිල රුපියල් 9,000 දක්වා අඩු කිරීමට නියමිත අතර, රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් එම මිලට බණ්ඩි පොහොර ලබා දීම සිදු කරනු ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
අද දිනයේ යල කන්නයේ දී වළව කලාපයේ වගා හානි සිදු වූ ගොවීන්ට වගා හානි සඳහා රුපියල් ලක්ෂ 1,000ක මුදලක් රජය විසින් පිරිනමනු ලැබිණි.

