ග්‍රාම නිලධාරි පුරප්පාඩු පෙබරවාරියට පෙර පිරවීමේ සැලැස්මක්

ග්‍රාම නිලධාරි තනතුරවල තිබෙන සියලුම පුරප්පාඩු ලබන පෙබරවාරි 04 වැනිදාට පෙර සම්පූර්ණ කර අවසන් කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත ප්‍රකාශ කර තිබෙනවා.

ඒ වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි.

2021 වසරේ අයදුම්පත් යොමු කළ සුදුසුකම්ලත් විභාග අපේක්ෂකයන් සඳහා 2023 දෙසැම්බර් මස 02 වැනි දින ග්‍රාම නිලධාරී විභාගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම විභාගයෙන් අයදුම්කරුවන් 2,238 දෙනෙකු ග්‍රාම නිලධාරී තනතුරු සඳහා තෝරා ගැනීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව පවසා තිබෙන්නේ.