2022 වසරේ ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව 2023 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් බොහෝ ප්‍රමාණයකින් අඩු කර ගැනීමට හැකි වී තිබෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලය පෙන්වා දෙන්නේ 2021 වර්ෂයට සාපේක්ෂව 2022 දී 21%කින් සහ 2023 ඔක්තෝබර් වනවිට 46% කින්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සීමා කිරීමට හැකි වී ඇති බවයි.
2021 වර්ෂයේදී රුපියල් මිලියන 1661.7 ක් වූ වියදම 2022 දී 1310.4ක් දක්වා පහත වැටී ඇති අතර 2023 ඔක්තෝබර් වනවිට එම අගය රුපියල් මිලියන 705.7ක් දක්වා තවදුරටත් අඩු වී තිබෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබෙන ලිපිවලට පිළිතුරු සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක්කිරීම හේතුවෙන් තැපැල් හා සන්නිවේදන වියදම 36% කින් අඩුකර ගැනීමට හැකිවී ඇත.
එසේම 2022දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහන 178ක් පැවතියත්, 2023 වර්ෂය අවසන් වනවිට ඇත්තේ සේවා අවශ්‍යතාවට ප්‍රමාණවත් වාහන 125ක සංචිතයක් පමණක් බවත් ඒ අනුව 2022 වර්ෂයේ පැවති රුපියල් මිලියන 239.2 ක වාහන නඩත්තු වියදම, 2023 දී රුපියල් මිලියන 72.3 දක්වා 70% කින් අඩුකරගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරනවා.

