තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස

හමාස් සංවිධානය භාරයේ සිටි තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 17දෙනෙක් නිදහස් කර ඇති අතර එයට තායිලන්ත ජාතිකයන් සිව් දෙනෙක් ද ඇතුළත් වනවා.

මෙම ප්‍රාණ ඇපකරුවන් පිරිස හමාස් සංවිධානය විසින් රතු කුරුස සංවිධානයට භාරදීමෙන් අනතුරු ව ඔවුන් විසින් ඊශ්‍රායලය වෙත අදාළ ප්‍රාණ ඇපකරුවන් කණ්ඩායම භාර දෙනු ලැබ ඇත.

මේ අතර ඊශ්‍රායලය විසින් ද පලස්තීන ප්‍රාණ ඇපකරුවන් 39දෙනෙක් නිදහස් කර තිබෙනවා.

සටන් විරාමය ආරම්භ වුණු සිකුරාදා සිට ආධාර රැගත් ට්‍රක් රථ 340ක් පමණ රෆා දේශසීමාව හරහා ගාසා තීරයට ඇතුළු වී ඇති නමුත් ඉන් උතුරු ගාසා තීරය වෙත ආධාර ලබා දීමට ගොස් තිබෙන්නේ ට්‍රක් රථ 65ක් පමණක් බවයි හමාස් ප්‍රකාශක ඔසාමා හම්දාන් පැවසුවේ.