Microsoft අලුතින් හඳුන්වා දෙන Copilot

Microsoft සමාගම විසින් අලුතින් හඳුන්වා දෙන Grok, ChatGPT වැනි AI Chatbot කෙනෙක් විදිහට Copilot හඳුන්වන්න පුළුවන්.

මේ වන විට එය Microsoft 365 සමඟ සම්බන්ධ වන ලෙස හඳුන්වා දී ඇති අතර එය Microsoft 365 පරිශීලකයන්ට ඔවුන්ගේ වැඩ වඩාත් පහසුවෙන් සිදු කර ගැනීමට උපකාරී වන ලෙස සකස් කර තිබෙනවා.

සරලව කියතහොත් Copilot හරහා අන්තර්ජාලයේ වූ real time එනම් කාලීන දත්ත scan කිරීම සහ ඒවා සාරාංශ ගත කර පරිශීලකයාට ලබා දීම හරහා ඔහු අසන ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සිදු කරනු ලබනවා. ඒ හැරුණු කොට coding, email සඳහා reply කිරීම, තම cyber security up කිරීම මෙන්ම AI generated images සැකසීම සඳහාත් Copilot භාවිතා කළ හැකි වනවා.

මින් පෙර Bing Chat ලෙස Microsoft සමාගම විසින් එලි දක්වන ලද chatbot ද මෙම copilot යටතට දැන් ගෙන තිබෙන අතර ඒ හරහා එහි සේවාව වඩාත් වැඩි දියුණු කිරීමට ද Microsoft ආයතනය පියවර ගෙන තිබෙනවා.

මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් පරිශීලකයන්ට අවශ්‍ය පරිදි දේවල් එකතු කර ගනිමින් copilot සකසා ගත හැකි වීමයි. එහි දී ඔවුන්ට තෝරා ගැනීමට විවිධ plug in ලබා දී ඇති අතර සිය අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයට ඒවා සකස් කර ගනිමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් මේ හරහා ලබා ගත හැක වනවා.

Microsoft Copilot chatbot වෙත ප්‍රවේශ වීම සඳහා Google Chrome හෝ Microsoft Edge හි Microsoft Copilot web අඩවිය භාවිතා කළ හැකි වනවා.

එසේම Windows 13 පරිශීලකයන් සඳහා update කිරීමකින් පසුව මෙම chatbot ඔවුන්ගේ පරිගණකයේ task bar වෙත ඇතුලත් කර ගැනීමේ හැකියාවක් පවතිනවා. එසේම Microsoft 365 සඳහා Copilot ලබා ගැනීමේ දී මසකට ඩොලර් 30ක අමතර මුදලක් ගෙවීමට ද සිදු වනවා.