පූනාගල ප්‍රදේශයට නාය යෑමේ අවදානමක්

හල්දුම්මුල්ල, පූනාගල, ගල්බොක්ක ප්‍රදේශයේ තේ වත්තක් ආශ්‍රිතව බෑවුම් සහිත ඉඩමක නාය යෑමේ අවදානමක් මතුව තිබෙනවා.

මේ හේතුවෙන් ඊට පහළින් පිහිටි නිවාස පේළියක පදිංචිව සිටි පවුල් 49ක පුද්ගලයින් 202 දෙනකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවේ.

ඉවත් කළ පවුල් පුනාගල අංක 02 දෙමළ විදුහලේ සහ ගල් බොක්ක දිවා සුරැකුම් මධ්‍යස්ථානයේත් ඥාති නිවෙස්වලත් රඳවා තිබෙනවා.

මෙම ස්ථානය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූමි පරීක්ෂණ වාර්තාවක් ද ලබාගැනීමට නියමිත බවයි ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළේ.