යුක්රේනයට දරුණුතම ඩ්‍රෝන ප්‍රහාරයක්

රුසියාව විසින් පසුගිය වසරේ යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව කියෙව් අගනුවරට දියත් කරන ලද ප්‍රබලතම ඩ්‍රෝන ප්‍රහාරය සෙනසුරාදා දියත් කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කියෙව් හි නගරාධිපතිවරයා පවසා ඇත්තේ එම ප්‍රහාර මාලාව පැය 4කට ආසන්න කාලයක් පැවති බවත් නගරයට උතුරු සහ නැගෙනහිර දිශාවෙන් ප්‍රහාර එල්ල වුණු බවත් ය.

ඉරානයේ නිෂ්පාදිත ෂහේඩ් ඩ්‍රෝන යානා 75කට වැඩි ප්‍රමාණයක් යොදා ගෙන රුසියානු හමුදා විසින් අගනුවරට ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් යානා 74ක් වෙඩි තබා බිම හෙලීමට යුක්රේන හමුදා සමත් වී තිබෙනවා.

ප්‍රහාරය හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ කිසිවක් වාර්තා වී නොමැති අතර 11 හැවිරිදි දරුවෙකු ඇතුළු තවත් 05දෙනෙක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.