පසුගිය නොවැම්බර් 12 වන දා එළි දක්වන ලද ටයිගර් 3 හින්දි චිත්රපටය මේ වන විට ආදායම් වාර්තා බිඳ දමමින් ලොව පුරා ප්රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
සල්මන් ඛාන් රංගනයෙන් දායක වන එය තිරගත වූ පළමු දිනයේ ම ඉන්දීය රුපියල් කෝටි 44.50ක ආදායමක් රැස් කර ගෙන තිබෙනවා.
දැනට චිත්රපටය තිර ගත වී ගෙවී ඇත්තේ සති දෙකක පමණ කාලයක් වන අතර මේ වන විට එහි බොක්ස් ඔෆිස් ආදායම පමණක් ඉන්දීය රුපියල් කෝටි 400 ඉක්මවා ඇති බවයි වාර්තා වෙන්නේ.
ක්රියාදාම චිත්රපටයක් වන මෙහි සෙසු ප්රධාන චරිතවලට Katrina Kaif සහ Emraan Hashmi විසින් රංගනයෙන් දායක වනු ලබනවා.

