ඒඩ්ස් රෝගීන් අතර පාසල් සිසුන්ගේත් වාර්තා වීමක්

2023 ආරම්භයේ සිට ඔක්තෝම්බර් 31 දක්වා කාලය තුළ පමණක් ඒඩ්ස් රෝගීන් 485 දෙනෙකු වාර්තා වී ඇති බව ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා විශේෂඥ ජානකි විදානපතිරණ පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ එම පිරිසෙන් බහුතරයක් වයස අවුරුදු 15- 24ත් වයස්වල පසුවන පුද්ගලයන් බවයි.

එසේම මේ පිරිස අතර පාසල් සිසුන්ගේ වාර්තා වීමේ ද යම් වර්ධනයක් දක්නට ඇති බවයි විදානපතිරණ මහත්මිය සඳහන් කරන්නේ.

ඒඩ්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා සියලු පරීක්ෂණ සහ ප්‍රතිකාර නොමිලේ සිදු කරන බැවින් අවශ්‍ය රුධිර පරීක්ෂණ සඳහා යොමු වන ලෙස අවදානම් පුද්ගලයන්ගෙන් ඇය ඉල්ලීමක් ද කරනවා.