2023 අධ්‍යන වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු නිවාඩුව ලබන දෙසැම්බර් 22 සිට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත ප්‍රකාශ කරනවා.
එම නිවාඩුව අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් පෙබරවාරි 02වැනිදා දක්වා ලබා දීමට නියමිත යි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කරනු ලැබුවා.

