යල කන්නයේ වගා හානි වූ ගොවීන්ට මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා හෙක්ටයාර් එකකට ඩීසල් ලීටර් 40ක් බැගින් නොමිලයේ ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා.
අදාළ ඉන්ධන ලබා ගැනීම සඳහා වූ වවුචර්පත් නිකුත් කිරීම අද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් අගුනකොළපැලැස්සේදී සිදු කෙරුනා.
පසුගිය යල කන්නයේ විශාල ලෙස වගා හානි වාර්තා වූ වලව කලාපය, හම්බන්තොට දිස්ත්‍රික්කය හා කුරුණෑගල දිස්ත්‍රික්කය ඇතුළු වගාහානි සිදුවූ සියලුම ගොවීන්ට මෙම ඉන්ධන සහනාධාරය ලබා දීමට නියමිතයි.

