ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ලෙස දක්ෂිණාංශික නව ලිබරල්වාදී දේශාපාලනික පසුබිමක් සහිත ජේවියර් මිලෙයි තේරි පත් වී තිබෙනවා.
ඊයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව මිලෙයි 56%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගෙන තිබෙනවා.
ඔහු ගේ ප්‍රතිවාදියා ලෙස තරඟ කළ ආර්ජන්ටිනාවේ ආර්ථික අමාත්‍ය සර්ජියෝ මස්සාට හිමිව ඇත්තේ ඡන්ද ප්‍රතිශතයට 44%ක් පමණි.
මිලෙයි ගේ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කරමින් හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර සිටියේ ආර්ජන්ටිනාව නැවත විශිෂ්ට රටක් බවට පත් කිරීමට කටයුතු කරන ලෙසයි

