පසුගිය වසර හා සැසදීමේ දී මෙවර ශිෂ්‍යත්වය තුළින් දරුවන්ගේ සාධන මට්ටම ඉහළ ගොස් ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරනවා.
කඩයිම් ලකුණ ඉහළ ගොස් ඇත්තේ දරුවන්ගේ සාධනය ඉහළ යෑම නිසා බවයි අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 77.75%ක් එනම් සිසුන් 258,871 දෙනෙකු ලකුණු 70 සීමාව ඉක්මවා යාමට සමත්ව තිබෙනවා.
එසේම ලකුණු 100 ඉක්මවූ පිරිස 150,017ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 45.06%කි.
කඩඉම් ලකුණ ඉක්මවූ ප්‍රතිශතය 15.22%ක් වන බවයි කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.
ප්‍රතිඵලය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි දරුවෙක් සිටී නම් විදුහල්පතිවරයා හරහා අභියාචනා ඉදිරිපත් කළ හැකි අතර අභියාචනා භාරගැනීම නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 4 වනදා දක්වා මාර්ගගත පද්ධතියක් ඔස්සේ සිදුකිරීමට නියමිත යි.

