දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයෑම් අනතුරු දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක 05ක් සඳහා නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.

ඒ අනුව බදුල්ල, කෑගල්ල, රත්නපුර, මහනුවර සහ මාතර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.

අදාළ දිස්ත්‍රික්ක වල පහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම අනතුරු ඇඟවීම් සිදු අකර තිබිණි.

  • බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ සහ හල්දුමුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක සහ මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, ඇහැලියගොඩ, වැලිගෙපොල, ඕපනායක, කොලොන්න, ඇලපාත, කුරුවිට, බලංගොඩ, ගොඩකවෙල, කහවත්ත, නිවිතිගල, පැල්මඩුල්ල, අයගම, කිරිඇල්ල සහ ඉඹුල්පෙ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ සහ උඩුදුම්බර, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස