පොල් අපනයන වැවිලි භෝගයක් ලෙස නම් කරන ලෙස ඉල්ලීමක්

පොල් වගාව අපනයනය වැවිලි භෝගයක් ලෙස නම් කරන්නැයි පොල් වගාකරුවන්ගේ සංගමය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පොල් අපනයනය කළ ද තවමත් පොල් අපනයන වැවිලි බෝගයක් ලෙස නොසැලකීම නිසා මෙම ක්ෂේත්‍රයේ ගැටළු රැසක් මතු වී ඇති බව යි ඔවුන් පෙන්වා දෙන්නේ.

රටේ දෛනික අවශ්‍යතාවය පොල් මිලියන 4.8ක් වුවද මෙරට දෛනික පොල් නිෂ්පාදනය මිලියන 3ක් බැවින් පොල්වල හිඟයක් පැවතියත් සමස්ත පොල් අස්වැන්නෙන් 25%ක් අපනයනය කරනු ලබනවා.

ඒ හරහා ඩොලර් මිලියන 850ක වාර්ෂික ආදායමක් උපයන අතර මෙම අපනයන ආදායම ඩොලර් බිලියන 2ක් දක්වා ඉහළ නැංවීමට නම් පොල් අපනයනය ඉලක්ක කර ගත් වැවිලි බෝගයක් ලෙස නම් කළ යුතුව ඇතැයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.