රුපියලේ සුළු අවප්‍රමාණය වීමක්

ඊයේ දිනයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 323.35 ක් ලෙස සහ විකුණුම් මිල රු. 333.66ක් ලෙස සටහන් වී තිබෙනවා.

එසේම ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව ද රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.