මේ වසරේ ගත වූ කාල සීමාව තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 22ක මුදලක් දඩ ලෙස අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම, තොග සැඟවීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් එම දඩ මුදල් අය කරගත් බවයි එහි මාධ්‍ය ප්‍රකාශක අසේල බණ්ඩාර කියා සිටියේ.
අදාළ කාල සීමාව තුළ දී දිවයින පුරා සිදු කළ වැටලීම් 22,000ක් අතරින් 19,000කට නඩු පවරා ඇති බවත් ඔහු සදහන් කළා.

