දැනට මත්පැන් මිල ඉහළ දැමීමක් නැහැ

මෙවර අයවැයෙන් මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට යෝජනා කළද ඒ හරහා මත්පැන් මිල ඉහළ දැමීමේ කිසිදු හැකියාවක් නොමැති බවයි වාර්තා වෙන්නේ.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මේ බව සඳහන් කර සිටියා.

එසේම මත්පැන්හල් විවෘත කර තැබීමේ කාලසීමාව කාලානුරූපිව සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.