ක්‍රිකට් තහනමෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 100ක පාඩුවක්

ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් තහනම් කර තිබීම හේතුවෙන් වාර්ෂිකව ඍජු හා වක්‍රව ඩොලර් මිලියන 100ක් පමණ මුදලක් රටට අහිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

මන්ත්‍රීවරයා පවසන්නේ ක්‍රිකට් පරිපාලනය සහ දේශපාලඥයන් සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදාගත යුතු බවත් එසේ නොවුනහොත් අවසානයේදී ක්‍රීඩකයන් අපහසුතාවට සහ අගතියට පත්වන බවත්ය.

තමා ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි කාලයේදී පරිපාලන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ක්‍රීඩාව සහ ක්‍රීඩකයින්ගේ අනාගතය ගැන සිතා කටයුතු කිරීමට පියවර ගත් බවයි හෙතෙම වැඩිදුරත් කියා සිටියේ.