තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.
අද පස්වරු 1.00 සිට හෙට පස්වරු 1.00 දක්වා වූ පැය 24ක කාලය සඳහා එම නිවේදනය වලංගුවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එහි දැක්වෙන්නේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මි. මී. 100ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි වනවා.
එමෙන්ම දිවයින අශ්‍රිත පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින ආශ්‍රිතව පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ

