පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 6 කට පනවා තිබූ නායයෑමේ අවධානම තවදුරටත් වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා.
ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට තවදුරටත් නාය යෑමේ අවධානමක් පවතිනවා.
මේ අතර පවතින වර්ෂාපතන තත්ත්වය ඉදිරි දින කිහිපයේ ද පැවතිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

