ජනප්‍රිය ගායිකා Taylor Swift ගෙන් වාර්තාවක්

ග්‍රැමී සම්මාන උළෙලකදී වසරේ හොඳම ගීතය සඳහා වැඩිම වාර ගණනක් නිර්දේශ වූ ගායිකාව බවට පත් වෙමින් Taylor Swift වාර්තාවක් තබා තිබෙනවා.

2024 වසරේ ග්‍රැමී සම්මාන උළෙල වෙනුවෙන් ඇය මෙලෙස හොඳම ගීතය සඳහා නිර්දේශ වී ඇත්තේ හත්වැනි වතාවට වනවා.

ඇගේ Anti-Hero නම් ගීතය මෙලෙස නිර්දේශ වී ඇති අතර ඒ සමඟම ශ්‍රීමත් පෝල් මැකාට්නි සහ ලයනල් රිචී විසින් ග්‍රැමී හොඳම ගීතය වෙනුවෙන් හය වතාවක් නිර්දේශ වෙමින් පිහිටුවා තිබූ වාර්තාව අලුත් කිරීමට ඇය සමත් වුණා.

එසේම ඇයගේ Midnights ගීත ඇල්බමය වසරේ හොඳම ගීත ඇල්බමයට ද නිර්දේශ වී ඇති අතර යම් හෙයකින් ඇය එය ජයග්‍රහණය කරන්නේ නම් ඇය වසරේ හොඳම ගීත ඇල්බමය සිව් වතාවක් දිනාගත් පළමු කලාකරුවා බවට ද පත්වනු ඇත.

2024 ග්‍රැමී සම්මාන උළෙල ලබන පෙබරවාරි මස 4 වන දින ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වෙන අතර එහි සත්කාරකයින් තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.