බණ්ඩි පොහොර මිල තවත් අඩු කරන්න කැබිනට් පත්‍රිකාවක්

බණ්ඩි පොහොර (MOP) මිල තවත් 50%කින් අඩු කිරීමට යෝජනා කරමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

දැනට රාජ්‍ය අංශයට අයත් පොහොර සමාගම් සතුව බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 28,600ක් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එම බණ්ඩි පොහොර තොගයේ පිරිවැය ගාස්තු අඩු කිරීම මගින් 50%ක මිල අඩු කිරීමක් කළ හැකි බවයි රජයට අයත් බණ්ඩි පොහොර සමාගම්වල සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ.

ඒ අනුව බණ්ඩි පොහොර මිල 50%කින් අඩු කිරීමට අදාල කැබිනට් පත්‍රිකාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත්, ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා පවසනවා.