ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය සොයා බැලීම සඳහා කැබිනට් අනුකමිටුවක් පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙලෙස ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් හෝ එයට පත්කළ සාමාජිකයින් පිළිබඳව හෝ ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බවයි සඳහන් වෙන්නේ.
කැබිනට් රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර එහිදී ක්‍රිකට් නව අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කැබිනට් අනුකමිටුවේ සභාපති ලෙස අමාත්‍ය අලි සබ්‍රි පත් කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස ටිරාන් අලස්,කාංචන විජේසේකර සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් පත් කර ඇත.

