පසුගිය සිකුරාදා නේපාලයේ බටහිර ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 157 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් 300ක් පමණ පිරිසක් ද තුවාල ලබා ඇති බවයි නේපාල මාධ්‍ය වාර්තා කරන්නේ.
භූ කම්පනය හේතුවෙන් කඩා වැටුණු සුන්බුන් අතර සිර වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විට අවසන් අදියරයේ ඇති අතර දැන් නේපාල බලධාරීන්ගේ අවධානය අවතැන් වූවන් ට ආහාර සහ නවාතැන් සැපයීම වෙත යොමු වී තිබෙනවා.
නිවාස අහිමි වූවන් තාවකාලික කූඩාරම්වල සහ එළිමහනේ රාත්‍රිය ගත කරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.


