ගාසා තීරය දෙකඩ වෙයි

සිය හමුදා ගාසා නගරයේ දකුණු වෙරළ තීරයට ළඟා වී ඇති අතර දැන් ගාසා හි උතුරු සහ දකුණු ලෙස කොටස් දෙකක් ඇති බව ඊශ්‍රායල හමුදා අංශ පවසනවා.

කෙසේවෙතත් තවමත් උතුරේ සිටින පලස්තීන වැසියන්ට දකුණු ප්‍රදේශය කරා ගමන් කිරීමට කොරිඩෝවක් විවෘත කර ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

ඊයේ දිනයේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ උතුරු ප්‍රදේශයට ඉතා දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.BBC වාර්තාකරුවෙක් සඳහන් කර තිබෙන්නේ එය ඊශ්‍රායලය විසින් එල්ල කළ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකිය හැකි බවයි.

එසේම ඊශ්‍රායල විසින් Gaza City සම්පූර්ණයෙන් ම වටලා අවසන් කර දැන් ඊශ්‍රායල හමුදා ගාසා වෙරළ තීරයට ලඟා වී තිබෙනවා.

මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන් 10,000කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.

Map of GazaMap of Gaza