ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරීම පිළිබඳව රජය හෝ තමන් කිසිවක් නොදන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ජනාධිපතිවරයා සඳහන් කරන්නේ එලෙස අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් හෝ එහි සාමාජිකයන් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තමන්ව කිසිවිටෙක දැනුවත් කිරීමක් සිදු නොකළ බවයි.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කර ඇති බවට මාධ්‍ය වල පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවා.
මේ පිළිබඳව විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාව සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවත් එය මේ දක්වා සාර්ථක වී නොමැති බවයි වාර්තා වෙන්නේ.

