නව තානාපතිවරු දසදෙනෙක් සිය අක්ත පත්‍ර භාරදෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ තානාපතිවරු දස දෙනෙක් ඊයේ පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා.

ලැට්වියාව, පිලිපීනය, කාම්බෝජියාව, පෘතුගාලය, සුරිනාම්, ජිබුටි, ඇංගෝලා, ෆින්ලන්තය, වෙනිසියුලාව සහ නෝර්වේ යන රාජ්‍යයන් සඳහා මෙලෙස නව තානාපතිවරු පත් ව ඇත.

ඔවුන්ගේ නම් පහතින්,

  1. . එච්.ඊ. ජූරිස් බෝන් මහතා – නව දිල්ලියේ පිහිටි ලැට්වියා ජනරජයේ තානාපති
  2. 2. එච්.ඊ. ලියෝ ටිටෝ අවුසන් මහතා. ජේ.ආර්. – ඩකා හි පිහිටි පිලිපීන ජනරජයේ තානාපති
  3. 3. එච්.ඊ. කේ කුවාං මහතා – නව දිල්ලියේ පිහිටි කාම්බෝජ රාජධානියේ තානාපති
  4. 4. එච්.ඊ. Joao Manuel Mendes de Almeida මහතා – නවදිල්ලියේ පිහිටි පෘතුගීසි ජනරජයේ තානාපති
  5. 5. එච්.ඊ. අරුන්කොමර් හාඩියන් මහතා – නවදිල්ලියේ පිහිටි සුරිනාම් ජනරජයේ තානාපති
  6. 6. එච්.ඊ. Isse Abdillahi Assoweh මහතා – නවදිල්ලියේ පිහිටි ජිබුටි ජනරජයේ තානාපති
  7. 7. එච්.ඊ. Clemente Pedro Camenha මහතා – නවදිල්ලියේ පිහිටි ඇන්ගෝලා ජනරජයේ තානාපති
  8. 8. එච්.ඊ. Kimmo Lahdevirta මහතා – නවදිල්ලියේ පිහිටි ෆින්ලන්ත ජනරජයේ තානාපති
  9. 9. එච්.ඊ. Capaya Rodriguez Gonzalez මහත්මිය – නවදිල්ලියේ පිහිටා ඇති වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ තානාපතිනිය
  10. 10. එච්.ඊ. මේ-එලින් ස්ටෙනර් මහත්මිය – නව දිල්ලියේ පිහිටි නෝර්වේ රාජධානියේ තානාපති