Instagram, Facebook සඳහා ad නොමැති පැකේජයක්

Meta සමාගම විසින් Instagram සහ Facebook සඳහා දැන්වීම් නොපෙන්වන පැකේජයක් (ad free) හඳුන්වා දී තිබෙනවා.

පරිශීලකයන්ට මසකට යූරෝ 9.99ක ගාස්තුවක් යටතේ web අඩවිය හරහා මෙය subscribe කළ හැකි වන අතර Android හෝ IOS හරහා සම්බන්ධ වන ගිණුම් වලට මෙය සක්‍රිය කර ගැනීමේ දී අමතර යූරෝ 3ක ගෙවීමක් ද සිදු කළ යුතු වෙනවා.

මෙම පහසුකම නොවැම්බර් මාසයේ සිට යුරෝපා සංගමයට අයත් රටවල්, ස්විට්සර්ලන්තය ආදී ප්‍රදේශ කිහිපයක වයස අවුරුදු 18ට වැඩි පරිශීලකයන් සඳහා පමණක් දැනට ලබා දී තිබෙනවා.

කෙසේවෙතත් මෙම Subscription එක එක්සත් රාජධානියේ සිටින පරිශීලකයන්ට දැනට ලබා නොදෙන බවයි Meta සමාගම සඳහන් කරන්නේ.

මේ අතර 2024 මාර්තු මාසයේ සිට පරිශීලකයන්ට ඇති සෑම අමතර Instagram සහ Facebook ගිණුමක් සඳහාම එනම් business සහ private accounts ලෙස තිබේනම්, ඒ සඳහා ද අමතර මුදලක් ගෙවීමට සිදු වනු ඇති බවයි වාර්තා වෙන්නේ.