ගාසා තීරයේ සිර වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

ගාසා තීරයේ රැඳී සිට රෆා පිවිසුම විවෘත කළ අවස්ථාවේ ඊජිප්තුව බලා ගිය ශ්‍රී ලාංකිකයන් 11 දෙනා යළි දිවයිනට පැමිණ තිබෙනවා.

කටාර්හි දෝහා සිට ගුවන් යානයකින් ඔවුන් අද අලුයම දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ගාසා තීරය තුළ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු රැඳී සිට ඇති අතර, ප්‍රදේශයේ පවතින අනාරක්ෂිතභාවය හේතුවෙන් ඔවුන් ගෙන් සිව් දෙනෙකුට රැඳී සිටින ස්ථානයෙන් ඉවත් වීමට නොහැකි වී තිබිණි.