විදුහල්පති ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් සමත් වූ විදුහල්පතිවරුන් 401 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයක් ඊයේ යාපනය,කෝපායි පිහිටි ගුරු පුහුණු මධ්‍යස්ථානයේදී සිදු කෙරුනා.
උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මියගේ සහ ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ලිපි ප්රදානය සිදු කර තිබෙනවා.
මෙම විදුහල්පතිවරුන් උතුරු පළාතේ සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු වෙනුවෙන් අනියුක්ත කර ඇති අතර මෙම නව පත්වීම් ලබාදීමත් සමඟ උතුරු පළාතේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ පුරප්පාඩු අවසන් වන බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය දන්වනවා.

