වී අස්වැන්න දෙගුණ කිරීමට ජනපතිගෙන් උපදෙස්

ඉදිරි වගා කන්න හය ඇතුලත මෙරට වී අස්වැන්න දෙගුණයකින් ඉහල දැමීමට වැඩ සටහන් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ සඳහා නව තාක්ෂණය ගොවීන්ට හඳුන්වා දීම මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබා දෙන බව යි සඳහන් කර ඇත්තේ.

දැනට ලංකාවේ ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08ක් ඇති අතර වසරක යල හා මහ කන්න දෙකේ වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් මිලියන 1.3කි.

එයින් ලැබෙන සමස්ත වී අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන 5.2ක් පමණ වන අතර නිපදවා ගත හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 3.1ක් වනවා.

2023 වර්ෂයේ කෘෂිකර්මාන්තය සඳහා රුපියල් බිලියන 132ක මුදලක් ලබා දුන් බවත් 2024 වර්ෂයේ වී වගාවේ නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා වැඩිපුර මුදල් රජය විසින් ලබා දෙනු ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා පවසනවා.