පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂ එස්.පි.සී.සුගීෂ්වර මහතා පවසනවා.
කුරුණෑගල දිස්ත්රික්කයේ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 05ක් අඩි 04 බැගින් සහ උඩවලව ජලාශයේ ද වාන් දොරටු 05ක් අඩිය බැගින් විවෘත කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
මේ හේතුවෙන් එම ජලාශ ආශ්රිත ව වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

