ආහාර වර්ග කිහිපයක මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර වර්ග කිහිපයක මිල ගණන් ඉහළ දැමීමට සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මේ බව සඳහන් කළා.

සීනි මිල වැඩිවීම හේතුවෙන් තේ එකක මිල රුපියල් 5කින් සහ කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා.

එසේම සහල්, එළවළු, කුකුල් මස්, ලූනු ඇතුළු භාණ්ඩවල මිල ඉහළයෑම හේතුවෙන් කැම පැකට් එකක මිල රුපියල් 20කින් සහ කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 20කින් ද ඉහළ දමා තිබෙනවා.