ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරනවා.
ආසියානු රග්බි සම්මේලනයේ සභාපති ‘කායිස් අල් දලායි’ මහතා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර අද පැවති හමුවක දී මේ බව සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සඳහා එල්ල වන දේශපාලන බලපෑම් හේතුවෙන් ජාත්‍යන්තර රග්බි නීති උල්ලංඝනය වී ඇති බව දක්වමින් පසුගිය මැයි මස 18වැනිදා ලෝක රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවනු ලැබුවා.


