ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වනුයේ දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව, උතුර, වයඹ සහ උතුරු මැද පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතීන බවයි.

එසේම අද පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථාන වලට මිලිමීටර 100 ඉක්මවූ වැසි ද අපේක්ෂා කළ හැකි බව දෙපාර්තමේන්තුව දන්වනවා.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.