පොලිස්පතිට යළි සේවා දිගුවක්

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

ඒ අනුව සති 3ක කාලයක් සඳහා මෙලෙස සේවා දිගුවක් ලබා දී තිබෙනවා.