ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී ලකුණු 302ක දැවැන්ත ජයක් හිමිකරගැනීමට ප්රබල ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
දක්ෂ ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ශ්රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් පස්දෙනෙකුටම එකදු ලකුණක් හෝ රැස්කරගැනීමට හැකියක් ලැබුනේ නැහැ.
පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්රම, දුෂාන් හේමන්ත සහ දුෂ්මන්ත චමීර යන ක්රීඩකයන් එලෙස ලකුණු නොලබාම දැවී ගිය අතර නායක කුසල් මෙන්ඩිස් පන්දු 10කට මුහුණ දී එක් ලකුණක් රැස් කර ගැනීමට සමත් වුණා.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මැතිව්ස් ලකුණු 12ක් රැස්කරගත් අතර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 14ක් රැස්කළ කසුන් රාජිත යි.
ඒ අනුව සියලුදෙනා දැවී ශ්රී ලංකා කණ්ඩායමට රැස් කර ගත හැකි වුයේ ලකුණු 55ක් පමණි.
මෙම පරාජයත් සමඟ ශ්රී ලංකාව ලකුණු සටහනෙහි 7වන ස්ථානය දක්වා පහත වැටි තිබෙනවා.

