බංගලාදේශයෙන් ඩොලර් 58,000ක් වටිනා ඖෂධ ආධාරයක්

බංග්ලාදේශ රජය විසින් ප්‍රදානය කරනු ලබන අමෙරිකානු ඩොලර් 58,000ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරි සතිය වන විට මෙරටට ලැබීමට නියමිත බව වාර්තා වෙනවා.

එම ඖෂධ අතර පිළිකා සහ වකුගඩු රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ ද ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54ක්ද ඇති බව මෙරට බංග්ලාදේශ මහකොමසාරිස් තරෙක් අරිෆුල් ඉස්ලාම් මහතා සඳහන් කර තිබෙන්නේ.

මීට අමතරව බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යංශය හරහා අමෙරිකානු ඩොලර් මිලියනයක් වටිනා තවත් ඖෂධ ආධාර තොගයක් ද ඉදිරියේ දී ලැබීමට නියමිත ඔහු ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් මෙම ඖෂධ ප්‍රදානය සඳහා පියවර ගැනීම සම්බන්ධයෙන් නව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා බංග්ලාදේශ රජයට ස්තූතිය පළකර තිබෙනවා.