අභාවප්රාප්ත වූ පර්සි අබේසේකරට උපහාර දැක්වීම පිණිස ඉන්දියාව සමඟ අද පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩකයන් කළු පටි පැළඳ ක්රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ පර්සි අබේසේකර මහතා මිය යනවිට 87 හැවිරිදි වියේ පසුවිය.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 4.30ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.

