එකතු කළ අගය මත වන බදු අනුපාතිකය හෙවත් VAT, 2024.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි 18% ක් දක්වා වැඩි කිරීමට අදාළ නීති සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ මුල් මාස 09 තුළ රජයේ බදු ආදායම 51% කින් ඉහළ ගොස් ඇති නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බදු එකතු කිරීමේ ඉලක්ක සපුරාගැනීමට මෙතෙක් හැකි වී නොමැති බවයි කැබිනට් තීරණ ඇතුළත් නිවේදනයේ සඳහන් වන්නේ.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පරිදි බදු ආදායම් සහ ප්‍රාථමික ශේෂ ඉලක්කයන් සපුරාගැනීමට හැකිවනු පිණිස මෙලෙස VAT ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
එසේම දැනට එකතු කළ අගය මත වන බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත එකී බද්ද පැනවීම ඇතුළු නව බදු යෝජනා කිහිපයක් ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

